මෙරට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව පසුගිය මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% ක උද්ධමන අගයයි.
එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා පහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.3%ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එය මාර්තුවේදී පැවතියේ 0.7%ක් ලෙසයි.
උද්ධමනයේ විශ්ලේෂණාත්මක විස්තරය පහතින්.