fbpx
තවත්
    මුල් පිටුවspecialතුර්කි-සිරියා භූ කම්පනයෙන් මරණයට පත් පිරිස 2000 ඉක්මවයි

    තුර්කි-සිරියා භූ කම්පනයෙන් මරණයට පත් පිරිස 2000 ඉක්මවයි

    තුර්කයට සහ සිරියාවට බලපෑ දරුණු භූමිකම්පාවෙන් මර්ණයට පත් සංඛ්‍යාව දෙදහසට අධික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    රිච්ටර් මාපකයේ හතයි දශම අටක ප්‍රබලත්වයකින් යුතු වූ එම භූ කම්පනයෙන් ගොඩනැගිලි දහසකට අධික සංඛ්‍යාවක් කාඩා වැටි ඇති බවටද අනාවරණය වේ.

    කාඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් අතර විශාල පිරිසක් තවමත් සිරවී සිටින බවට සහන කණ්ඩායම් පවසන අතර මරණයට පත් සංඛ්‍යාව තවත් ඉහළයා හැකි බවද ඔවුන් සඳහන් කරයි.

    ඒ අනුව දැනට වාර්තා වන අන්දමට තුර්කයේ පුද්ගලයින් එක් දහස් හාරසිය අනූ අටකට අධික පිරිසකටද සිරියාවේ හත්සිය අසූ තුන් දෙනෙකුට අධික පිරිසකට ජීවිත අහිමි වී ඇති බව නවතම මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    මෙම භූ කම්පනයෙන් පසුවත් ප්‍රබල භූ කම්පන කීපයක් සිදු වූ අතර එමගින්ද මුදා ගැනීමේ මෙහෙයුම් අසීරු අතර පත්වූ බවටද වාර්තාවේ. අනතුරට පත්වූ පිරිස් මුදා ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට තමන් සූදානම් බවද රුසියානු ජනාධිපතිවරයා තුර්කයට සහ සිරියාවට දැණුම් දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.