හෙලිකොප්ටරයකින් ගමන් ගනිමින් සිටියදී අනතුරට ලක්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් හෙට (21) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ රජයේ සියලුම ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙයි.