තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාස්තරකාරියගේ සූත්තරේ මාට්ටු වී අත්අඩංගුවට

    සාස්තරකාරියගේ සූත්තරේ මාට්ටු වී අත්අඩංගුවට

    දේවාරූඨයෙන් ශාස්ත්‍ර කියනු ලබන කතක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    සඳමාලි පෙරේරා නැමැති 36 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ අරුනෝදය මාවතේදීය. පොලීසිය පවසන්නේ ඇය අත්අඩංගුවට ගන්නා විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 170යි මිලිග්‍රෑම් 730ක් මෙම කාන්තාව සතුව තිබී හමුවූ බවය.

    රාජගිරිය ඔබේසේකර මාවතේ දේවාලයක් පවත්වාගෙන යන මෙම කාන්තාව දේවාලයට මුවා වී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img