fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුර්කියේ භූමි කම්පා සිදුවූ ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අනාවරණයක්

    තුර්කියේ භූමි කම්පා සිදුවූ ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අනාවරණයක්

    තුර්කියේ භූමි කම්පාව සිදුවූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් 9 දෙනකු වෙසෙන බවත් ඔවුන් නිරුපද්‍රිතව සිටින බවට තහවුරු කරගෙන ඇති බවත් එරට ශ්‍රී ලංකා තානාපතිනිය හසන්ති දිසානායක මහත්මිය පවසයි.

    ඔවුන්ගෙන් 8 දෙනකු හා සම්බන්ධවීමට හැකිව තිබේ.

    අනෙක් පුද්ගලයා එම කම්පනය සිදුවූ ස්ථානයක ගොඩනැගිල්ලක වෙසෙන නමුත් භූ කම්පනය සිදුවන අවස්ථාවේදී එහි සිට නැති බවත් එම පුද්ගලයා සිටින බවට වාර්තා වී ඇති බවත් ඇය කියා සිටී.

    කෙසේවෙතත් තවදුරටත් ඒ ආශ්‍රිතව තවදුරටත් පසු කම්පන සිදුවෙමින් පවතින බැවින් එරට ආපදා අංශ වෙත දන්වා තවදුරටත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයාබලන බව ඇය කියාසිටී.

    ගිනිකොණදිග තුර්කියේ සිරියානු දේශසීමාව ආශ්‍රිතව සිදුවූ ප්‍රභල භූ කම්පනයකින් සහ පසු කම්පන ගණනාවක් අතර සිදුවූ ප්‍රබල පසු කම්පනයකින් ද 1500කට අධික පිරිසක් මියගොස් ඇති බව තුර්කි හා සිරියානු මාධ්‍ය වාර්තා කරයි.

    සුන්බුන් වූ ගොඩනැගිලි ආශ්‍රිත පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.