fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මවටත් පුතාටත් දිවි අහිමිකල ගොකරැල්ලේ රිය අනතුර

    මවටත් පුතාටත් දිවි අහිමිකල ගොකරැල්ලේ රිය අනතුර

    කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල පොල්ගොල්ල පිරිවෙන අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබුණු ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් එම බස් රථයේම බදෙහි ගැටී සිදුවූ යතුරුපැදි අනතුරකින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි මවක් සහ පුතෙක් මියගොස් ඇත.

    අද දහවල් සිදුවූ මෙම අනතුරින් මෙම මවත් පුතාත් මියගොස් ඇත්තේ අනතුරට ලක්වූ බස් රථයේ පිටුපස රෝදවලට ඔවුන් යටවී බව ගොකරැල්ල පොලීසිය කියයි.

    මැල්සිරිපුර නීරමුල්ල ප්‍රදේශයේ පදිංචිවසිටි කමලාවති (62) යන මවත් රත්නායක(39) නැමැති පුතාත් මෙම අනතුරින් මියගොස් ඇත.

    බස් රථයත් යතුරුපැදියත් දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. යතුරු පැදිය බස් රථයට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය ගැටී ඇත්තේ බස් රථයේ බදෙහිය. එහිදී යතුරුපැදියේ සමබරතාවය ගිලිහී ගොස් පෙරලී ඇති බවත් එහිදී යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා විසිවී ගොස් බස් රථයේ පසුපස රෝදයට යටවී ඇති බවත් පොලීසිය කියයි.

    රෝගී තත්ත්වයක් මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සිය බිරිදගේ සුවදුක් බැලීමට යතුරුපැදිකරු මව සමඟ ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය කියයි.තත්ත්වයේ පසුවන සිය බිරිඳ බැලීමට මවද සමග යතුරුපැදියෙන් යද්දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනුයේ යතුරුපැදිකරුගේ අපරාක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට මුල්වී ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.