fbpx
තවත්
    මුල් පිටුවspecialපාරේ නැටූ කපල් එක වසර 10ක් හිරේට (📹)

    පාරේ නැටූ කපල් එක වසර 10ක් හිරේට (📹)

    මහාමාර්ගයේ නර්තනයක යෙදුණු යුවළක් එම වීඩියෝව සමාජ මාධ්‍යවල පළකිරීමෙන් පසු මිලියන ගණනින් සමාජ ජාල පරිශීලකයන් අතර එය පැතිර යාමත් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර 10ක සිරදඬුවමක් ලබාදුන් පුවතක් ඉරානයෙන් වාර්තා වේ.

    මෙම දඬුවමට ලක්ව ඇත්තේ 20 හැවිරිදි ඉරාන ජාතික යුවලකි.

    ඉරානයේ ටෙහෙරානයේ අසාඩි (නිදහස්) කුළුණ අසල මෙම යුවළ නටන අයුරු වීඩියෝවේ දැක්වේ.

    ඔවුන් වරදකරුවන් වූයේ දූෂණය, ගණිකා වෘත්තිය සහ විවිධ න්‍යයාපත්‍ර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.

    එරට පොලිසිය විසින් රඳවාගෙන සිටි කාන්තාවක මියයාමම හේතුවෙන් ඔට විරෝධය දක්වමින් පැවති උද්ඝෝෂණවලට සම්බන්ධ බව පෙනෙන පුද්ගලයන්ට බලධාරීන් දැඩි දඬුවම් පමුණුවන බව විදෙස් මාධ්‍යවල පළවේ.

    කෙසේවෙතත් එම වාර්තාවල දැක්වෙන්නේ මෙම යුවළ ඉරානයේ පවතින විරෝධතාවලට ඔවුන්ගේ නර්තනය සම්බන්ධ කර නැති බවයි.

    මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් මිලියන දෙකකට ආසන්න අනුගාමික පිරිසක් සිටින ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වෙත වීඩියෝව පළ කිරීමෙන් පසුව ය.

    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 22 හැවිරිදි Mahsa Amini පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසුව ආණ්ඩු විරෝධී විරෝධතා රට පුරා පැතිර ගියේය.

    ඉරාන පාලන තන්ත්‍රය විසින් මෙම විරෝධතා ‘කැරලි’ ලෙස නම් කරන ලදී.

    මෙම යුවළගෙන් කාන්තාව නර්තනය අතරතුර හිජාබයක් පැළඳ නැත.

    ඇය ටෙහෙරානයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තා හිසකෙස් හිජාබයකින් හෝ හිස් ආවරණයකින් ආවරණය කළ යුතු බවට වූ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බව සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.