තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගම්පොල බැංකුවේ CDM යන්ත්‍රය කොල්ලකෑ මහමොළකරු අල්ලයි

    ගම්පොල බැංකුවේ CDM යන්ත්‍රය කොල්ලකෑ මහමොළකරු අල්ලයි

    ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියා පුටුවක තබා ගැටගසා රුපියල් ලක්ෂ 76කට අධික මුදලක් සමඟ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය (සී.ඩී.එම්) කොල්ලකෑ කල්ලියේ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    යුධ හමුදාවේ විශේෂ බලකායේ වසර 22ක් පමණ සේවය කර ඇති අයෙක් වන මෙම කොල්ලයේ මහා මොළකරුද අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර සිටියි.

    මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නලදී බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම කොල්ලය සිදුවන්නේ පසුගිය 25 වෙනිදා අලුයම් කාලයේදීය. කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම කොල්ලය සිදුකර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img