fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට ඇති වගකීම අමෙරිකාව මතක් කරදෙයි

    ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට ඇති වගකීම අමෙරිකාව මතක් කරදෙයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මෙරට අරමුදල් වැඩසටහ‍නේ ඉදිරියට යාමට හැකි වන පරිදි සාධාරණ සහ සමානාත්මතාවයෙන් යුතුව සැලකීමට ශ්‍රී ලංකාවේ සියලු ණය හිමියන් එකඟ විය යුතු බව අමෙරිකානු රජය පවසයි.

    මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පෙන්වා දෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දක්වන බවය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ඇය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.