fbpx
තවත්
    මුල් පිටුවspecialට්‍රම්ප්ට ෆේස්බුක් - ඉන්ස්ටර්ග්‍රෑම් දොරවලුත් ඇරෙයි

    ට්‍රම්ප්ට ෆේස්බුක් – ඉන්ස්ටර්ග්‍රෑම් දොරවලුත් ඇරෙයි

    ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්පගේ තහනමට ලක්වූ ෆේස්බුක් ගිණුම සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම යලිත් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවට ෆේස්බුක් හිමිකාරිත්වය දරණ මෙටා සමාගම නිවේදනය කලේය.

    හිටපු ජනාධිපතිවරයාට යලිත් සිය ෆේස්බුක් ගිණුම සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ලබාදීම වසර දෙකක තහනමකට පසුව සිදුවන අතර ඉකුත් 2021 වර්ෂයේදී ඔහුගේ අදාල ගිණුම් දින නියමයක් නොමැතිව තහනම් කිරීමට මෙටා සමාගම පියවර ගෙන තිබිණි.

    මෙටා සමාගම මෙලෙස ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාගේ ගිණුම අත්හිටුවීමට හේතුව ලෙස දක්වා සිටියේ ඔහු මැතිවරණයේ පරාජය වීමත් සමග සිය සාමජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එරට අගනුවර ආක්‍රමණය කිරීමට සිය ආධාරකරුවන්ට අනුබල දුන් බවට චෝදනා කරමිණි.

    ප්‍රකාශයක් නිකුත් කරමින්, මෙටා හි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති නික් ක්ලෙග් පැවසුවේ මහජනතාවට “ඔවුන්ගේ දේශපාලනඥයන් පවසන දේ ඇසීමට හැකි විය යුතු” බවයි.

    මෙහිදී මෙටා සමාගම් සඳහන් කර ඇත්තේ තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය පළකිරීම් මගින් මහජන සාමයට තර්ජනයක් ඇතිවෙතය් අපේකෂා කළ නොහැකි බැවින් තම සමාගම විසින් මෙතෙක් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.
    කෙසේ වෙතත් මීට මාස කීපයකට පෙර ට්විටර් සමාගම ඊලෝන් මස්ක් මිලදී ගැනීමත් සමඟ හිටපු ජනාධිපතිවරයාගේ අත්හිටවූ ට්විටර් ගිණුමද යලි ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබිණි. එහෙත් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා මෙතෙක් එම ගිණුම භාවිතා කර නොමැති වීම විශේෂත්වයකි.

    ට්‍රම්ප් සතු වූ සියලුම සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමෙන් පසු ඔහු විසින් තෘත් සෝෂල් නමින් නව සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් ආරම්භ කිරීමට පියවරගෙන තිබිණි. ඒ අනුව ට්‍රම්ප් සිය තෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ″එවැනි දෙයක් (තහනමක්) නැවත කිසි දිනක බලයේ සිටින ජනාධිපතිවරයෙකුට හෝ පළිගැනීමට සුදුසු නොවන වෙනත් කිසිවෙකුට සිදු නොවිය යුතුය.″ යනුවෙනි.

    හිටපු ජනාධිතිවරයා විසින් යලිත් සිය සමාජ මාධ්‍ය ගිණුම භාවිත කරන්නේද යන්න පිළිබඳ නිසි සඳහනක් කර නොමැති අතර වාර්තා වන අන්දමට ඔහුගේ නිතීඥයින් සහ මෙටා සමාගම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.