fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොරෙන් විදුලිය ගත්ත අය ලංවිමට හත්කෝටියක් ගෙවලා

    හොරෙන් විදුලිය ගත්ත අය ලංවිමට හත්කෝටියක් ගෙවලා

    නීතිවිරෝධී විදුලිය ගැනීම්වලට අදාළව පසුගිය 2022 වසරේ රට පුරා කළ වැටලීම්වලින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික  අදායමක් ලබා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද(24) නිවේදනය කළේය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු.කේ.ඒ.කේ.කොලොන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. අදාළ නිවේදනය මෙසේය.

    2022 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලයේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය

    2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම් වලට අදාල වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තා කර තිබේ.

    ඒ අනුව විදුලි මීටර (Meter Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 1,114 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 72,393,474.80 ක මුදලක් ද, විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම් (Hook Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 188 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 2,687,177.77 ක මුදලක් ද ඇතුළුව මුළු මුදල ලෙස රුපියල් 75,080,652.57 ක් අයකර ගැනීමට සමත් වී ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විදුලි වංචා මැඩලීම සඳහා ඉදිරියටත්, දිගින් දිගටම විමර්ශන කටයුතු කරගෙන යන අතර කෙසේ වුවද; රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් අපගේ පාරිභෝගික ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.යැයි අදාළ නිවේදනයේ සඳහන් වේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.