fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හපුහින්න මගඩියට සජිත් නඩු යන බව කියයි

    හපුහින්න මගඩියට සජිත් නඩු යන බව කියයි

    හපුහින්න මගඬිය හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙලසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවසීය.

    මේ මැතිවරණ කඩාකප්පල් කිරීමේ මගඬියේ අලුත් පියවරක් ලෙස හෙට දින ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කර මැතිවරණ කොමිසම අඩපණ කිරීමට උත්සාහයක් ගන්නවා. හැබැයි ජනතා පරමාධිපත්‍යයට අත තිබ්බොත් එයට දෙන දඬුවම් රටේ නීති පොත්වල සඳහන්ව ඇති බැවින් හපුහින්න මගඬිය හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙලසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යනවා.

    එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම, මාර්තු 9 වැනි දා පැවැත්වෙන මැතිවරණය කඩාකප්පල් කිරීමට භාවිත කළොත් ඊට එරෙහිව රටේ ජනතාවගේ ඡන්ද අයිතීන් සුරකිමින් එම ක්‍රියාව නියත වශයෙන්ම පරාජය කිරීමට ඕනෑම පියවරක් ගන්නවා.

    ව්‍යවස්ථාදායක සභාවේ වගකිවයුතු පාර්ශ්වයන්ට කියා සිටින්නේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණ හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමේ න්‍යයපත්‍රයට ඇතුළත් නොකරන ලෙසයි. ස්වාධින මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට හානියක් වන කිසිවක් නොකරන ලෙසත් අපි අනතුරු අගවනවා යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

    එමෙන් ම මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සුරැකීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා ලෙස මේ රටේ ජනතා පරාමාධිපත්‍ය කෙලසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

    තමා මැතිවරණය අවශ්‍ය බවට ප්‍රකාශ කළ විට අවලාද නැගු පිරිස් මේ අවස්ථාවේ මැතිවරණය ඉල්ලා සිටින බවත් එම නිසා මැතිවරණ කල් දැමීමට හෝ කඩාකප්පල් කිරීමට රජය ගන්නා ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.