fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනස් පොතටත් ගිය චීන වසන්ත උත්සව කලා සංදර්ශනය

    ගිනස් පොතටත් ගිය චීන වසන්ත උත්සව කලා සංදර්ශනය

    චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ ‘වසන්ත උත්සව කලා සංදර්ශනය’ ලොව පුරා සිටින චීන ප්‍රේක්ෂකයන් වෙත පිළිගැන්වේ. චීන සාම්ප්‍රදායික ලිත් ක්‍රමය අනුව පරණ අවුරුද්ද යෙදෙන ඊයේ(21) රාත්‍රියේ එය විකාශය කෙරිණ.

    කෝටි සංඛ්‍යාත චීන ප්‍රේක්ෂකයෝ, රූපවාහිනියෙන් හෝ ජංගම දුරකථනයෙන් එම සජීව සංදර්ශනය නැරඹූහ. එය ලෝකයේ වැඩිම නැරඹුම් සහිත කලා සංදර්ශනය වශයෙන් ගිනස් වාර්තා පොතට එක්ව ඇත.

    2023 වසන්ත උත්සව කලා සංදර්ශනයේ මෙවර සංකල්පය ‘චින්තනය, කලාව හා තාක්ෂණය’ යන්නයි. විශිෂ්ට චීන සංස්කෘතිකාංග හා ප්‍රබල ලෝක ශිෂ්ටාචාර තුළ ගැබ් වූ සාරධර්ම නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙහිදී ඉදිරිපත් කෙරිණ. නැටුම් ගැයුම්, ප්‍රහසන සංවාද, ඔපෙරා, වූශූ සටන් කලාව හා කරණම් ඇතුළු විශේෂාංග මීට ඇතුළත් ය.

    මෙම වසරේ වසන්ත උත්සව කලා සංදර්ශන සජීව විකාශය සඳහා 4K/8K, AI සහ XR වැනි නව තාක්ෂණයන් භාවිත කිරීම ද විශේෂත්වයකි. ප්‍රථම වතාවට මෙහිදී චීනයේ දේශීය තාක්‍ෂණයෙන් නිපැයුණු 8K අධි-විභේදන කැමරා යොදාගැනුණු අතර, අථත්‍ය වේදිකාව සඳහා XR සහ AR වැනි අතිනවීන තාක්ෂණයන් භාවිත කෙරිණ.

    2023 වසන්ත උත්සව කලා සංදර්ශනයෙන් ලෝ පුරා චීන ජාතිකයන් වෙත, උදා වන හාවාගේ වසරට සුබ ප්‍රාර්ථනා ‍රැගෙන එයි.

     

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.