fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාග කාලයේ විදුලි කැපිල්ල

    උසස් පෙළ විභාග කාලයේ විදුලි කැපිල්ල

    අධ්‍යයනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

    කෙසේවෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුර තුළ දී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසයි. 

    රාත්‍රී කාලයේ ද අධ්‍යනය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මේ වනවිට යම් එකඟතාවයකට පැමිණ ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

    නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමුකරමින් විදුලි කප්පාදුව සීමා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඒ මහතා කියා සිටියේය.

    “මගේ ඉල්ලීම තිබුණේ ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා සමස්ත කාලය විදුලි බලය අපිට අඛණ්ඩව ලබා ‍දෙන්න කියලා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිතුමත් මේ ගැන විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික ඒ විදුලි සමාගම්වලටත් ඒ ඉල්ලීම කර තිබුණා. නමුත් අනෙක් පැත්තෙන් තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැනත් මාව දැනුවත් කළා විශාල මුදලක් අවශ්‍ය වන බව, ඒ පූර්ණ කාලය සෑම ප්‍රදේශයකටම විදුලි බලය ලබාදෙන්න. එතනදී මගේ ඉල්ලීම වුණේ මොන තත්ත්වයක් යටතේ වුණත් ඒ විභාග කාලය අනිවාර්යයෙන් ලබාදෙන්න කියලා. එකට එකඟවෙලා තියෙනවා. හැකි සෑම අවස්ථාවකදීම විදුලිය ලබාදෙන්න එකඟවෙලා තියෙනවා. හැබැයි විටෙක විභාගය නොපැවෙත්වෙන කාලසීමාව තුළ යම්කිසි කෙටි විදුලි විසන්ධිවීම් සිදුවෙන්නට පුළුවන්. රාත්‍රී කාලයේ අධ්‍යනය කටයුතු සිදුකරන නිසා මම ඉල්ලීමක් කළා රාත්‍රී කාලය කුළ විදුලි බලය ලබාදෙන්න කියලා. ඒකටත් යම් එකඟතාවයක් පළවෙලා තියෙනවා.”

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.