fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස්පෙළ විභාගය අද ඇරඹේ

    උසස්පෙළ විභාගය අද ඇරඹේ

    2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගය අද (23) අද ආරම්භ වේ.

    ඒ විභාග මධ්‍යස්ථාන 2,200කදී ය.

    පෙරවාරි 17 දක්වා දින 22ක් මෙම විභාගය පැවැත්වේ.

    මෙවර පාසල් අයදුම්කරුවන් 278,196 නෙක් ලියාපදිංචි වී ඇත.

    ඒ අතර පෞද්ගලික අයදුම්කරුවන් 53,513 කු ලියාපදිංචි වී සිටිති.

    ඒ අනුව මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709 කි.

    විශේෂිත මධ්‍යස්ථාන ලෙස සිරකරුවන් ලෙස සිටින අපේක්ෂයින්ට මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා රත්මලාන, තංගල්ල හා මහරගම අපේකෂා රෝහලේ ද විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.