තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කසිප්පු ජාවාරමක් වැටලීමට ගිය පොලීසියට මිරිස් වතුර ප්‍රහාරයක්

    කසිප්පු ජාවාරමක් වැටලීමට ගිය පොලීසියට මිරිස් වතුර ප්‍රහාරයක්

    නීති විරෝධි මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට මිරිස් කුඩු දියකළ ජල ප්‍රහාරයක් එල්ලකල කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර තිබේ.

    කුලියාපිටිය කණදුල්ල ප්‍රදේශයේ කසිප්පු ජාවාරමක් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට මෙම මිරිස් කුඩු දිය කළ ජල ප්‍රහාරය එල්ලවී ඇත.

    නීති විරෝධී මත්පැන් අලෙවියේ නිරතව සිටින කාන්තාවක් මෙම වැටලීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගේ දියණිය විසින් මෙම ප්‍රහාර පොලිස් නිලධාරීන් වෙත එල්ලකර තිබේ. එම කාන්තාව සතුව තිබී මත්පැන් ලීටර් 54ක්ද සොයාගෙන ඇත.

    මෙහිදී අත්අඩංගුවේ සිටි නීති විරෝධි මත්පැන් ජාවාරම්කාරිය ද පොලිස් නිලධාරීන් සමඟ පොර බදා පළායාමට උත්සහයකද නිරත වී ඇත. එහෙත් ඇයට පළායාමට පොලිස් නිලධාරින් ඉඩ නොදී ඇයව සිය ග්‍රහණයේම තබාගෙන සිට ඇත. එහිදී පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img