fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාර නඩුවේ මෛත්‍රී ඇතුළු 4කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    පාස්කු ප්‍රහාර නඩුවේ මෛත්‍රී ඇතුළු 4කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    පාස්කු ඉරිදා මෙරට තුළ සිදුවූ බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝගයක් කර තිබේ.

    ඒ ඉහත පුද්ගලයන් සිව්දෙනාගේ පෞද්ගලික මුදලින් ප්‍රහාරයේ වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙසය.

    වින්දිතයින්ගේ මූලික අයිතිවාසිකම් කඩකලැයි මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී ඇත.

    ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කර ඇත.

    හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්වරුන්ට මිලියන 75 බැගින් ගෙවීමට නියෝග කෙරිණ.

    එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන් 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් මිලියන 10ක මුදලක්ද තම පුද්ගලික මුදලින් එම අරමුදලට බැර කරන ලෙසට ද ‍ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයයි.

    තව ද රජයෙන් රුපියල් මිලියනයක මුදලක් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.