fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවේ 'තක් තක් කල්ලිය' මෙහෙයවූ ලාංකිකයන් 4ක් අත්අඩංගුවට

    ඉන්දියාවේ ‘තක් තක් කල්ලිය’ මෙහෙයවූ ලාංකිකයන් 4ක් අත්අඩංගුවට

    වාහනවලින් සොරකම් සිදුකරන ඉන්දියාවේ ක්‍රියාත්මක ‘තක් තක්’ කල්ලිය මෙහෙයවන, ශ්‍ර්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් 4 දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් දින දොළහකට පෙර මෝටර් රථයක ජනෙල් වීදුරු කඩා මෝටර් රථයක තිබූ ඉන්දීය රුපියල් ලක්ෂ 57.40ක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධ විමර්ශනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    දෙමළ භාෂාව කතා කරන මෙම සැකකරුවන් සන්තකයේ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 46.50ක් ද පොලිසිය සොයාගෙන ඇත. චූදිතයන් දිල්ලි සහ වෙනත් විවිධ ප්‍රාන්තවල තාවකාලික වාසස්ථානවල ජීවත් වන බවත් මීට පෙර විවිධ සොරකම් සිදු කර ඇති බවත් පොලීසියට පවසා ඇත.

    ඉන්දීය පොලිස් කොමසාරිස් මන්දීප් සිං සිද්ධු පැවසුවේ දකුණු දිල්ලියේ මාදංගීර් ජනපදයේ පිහිටා ඇති ‘තක් තක්’ නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වන මෙම සැකකරුවන් සොයාගත්‍තේ පොලිසිය CCTV දර්ශන පරීක්‍ෂා කිරීමෙන් බවයි.

    අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් ෆෙරෝස්පූර් හි දනා මණ්ඩි සහ වෙනත් ස්ථානවල ඒකාබද්ධ වැටලීම් සිදු කළ බව ඔහු පැවසීය.

    අද දින උසාවියට ​​ඉදිරිපත් කරන සොරුන් පවසා ඇත්තේ ඔවුන් පසුගියදා වාහනයක තිබී සොරකම් කළ බෑගයක තිබූ මෙම මුදල මෙතරම් විශාල වනු ඇතැයි අපේක්ෂා නොකළ බවයි. එබැවින් පොලිසියෙන් බේරීමට තමන් ජංගම දුරකථන සහ වෙනත් තාක්ෂණික උපකරණ භාවිතා කිරීමෙන් වැළකී සිටි බවත් සැකකරුවකු පවසා ඇත.

    තමිල්නාඩුවේ මදුරෙයි හි පදිංචි මුර්ගන් ලෙස හඳුනාගෙන ඇති එක් විත්තිකරුවෙකු දිල්ලියේ සිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක් සොයා ගන්නා ලදී. තවත් දෙදෙනෙක් උත්තර් ප්‍රදේශ් හි මාදංගීර් ජනපදයේ පදිංචි ප්‍රකාශ් සහ සුරේෂ් ලෙස හඳුනාගෙන ඇත. අනෙක් සැකකරු නවදිල්ලියේ සුරේෂ් ලෙස හඳුනාගෙන ඇත. මුරුගන් හැර සෙසු සැකකරුවන් තිදෙනා ජලන්දර් හි ලෝහියාන් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් සන්තකයේ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 6.50 ක මුදලක් සොයා ගෙන ඇත. අපරාධය සඳහා යොදාගත් කැටපෝලයක් වැනි උපකරණයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    පොලිස් නිලධාරීන්ට අනුව, තක් තක් කල්ලිය වෙළඳපොලේ සහ වීදිවල නවතා ඇති වාහන ඉලක්ක කරයි. යම් කිසිවකු ඇතුළත වාඩි වී සිටින්නේ නම්, ඔවුන් විවිධ උපක්‍රම යොදා ගනිමින් මගීන්ගේ අවධානය වෙනතකට යොමු කර මෝටර් රථයේ තිබූ බෑග් සොරකම් කරන බව නිලධාරියෙක් පැවසීය.

    ඇතැම් අවස්ථාවලදී වාහනයේ ඇතුළත කිසිවකු සිටින්නෛ් නම්, රථයේ වීදුරුවට තට්ටු කර මුදලක් වැටී ඇති බවත් එය ගන්නා ලෙසත් මොවුහු පවසති. එම මුදල පිළිබඳ රථයේ ඇතුළත සිටි තැනැත්තා සැළකිලිමත් වූ විට එසැණින් වහාම රථය තුළ ඇති දේ සොරාගෙන යන්නේ ඇසිල්ලකිනි.

    2018 වසරේ සිට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල මෙම ‘තක් තක් කල්ලියේ’ සොරකම් වාර්ථා වී ඇත.

    එහි සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනුණු අතර ඉන්පසුව තරමක් නැවතී තිබුණ ද වෙනත් ස්ථානයකින් යළි ක්‍රියාකාරී වීමට පටන් ගෙන ඇත්‍තේ පසුගිය වසරේ සිට ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.