තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇපල් ෆෝන් පෙන්වා 500 දෙනෙක් රැවටූ ව්‍යාපාරිකයා කොටු

    ඇපල් ෆෝන් පෙන්වා 500 දෙනෙක් රැවටූ ව්‍යාපාරිකයා කොටු

    කොළඹ ගාලු පාරේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඇපල් වර්ගයේ ජංගම දුරකතන අඩුමිලට ලබාදෙන බව සඳහන් කරමින් 500කට වැඩි පිරිසක් රැවටීමට ලක්කර කෝටි ගානක මුදලක් වංචාකිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරිකයෙකුව රුපියල් ලක්ෂ 75 ක එවැනිම තවත් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ 15 මාදම්පිටිය පාරේ පදිංචිකරුවෙක් වන පරමේස්වරන් ජීවිදන් නැමැති 29 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා මෙම වංචාවේ නිරතව සිට ඇත්තේ කුලියටගත් කඩකාමරයක් කේන්ද්‍රකරගෙනය.

    අඩු මිලට ඇපල් වර්ගයේ ජංගම දුරකතන ලබාදෙන බව සඳහන් කරමින් විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුළ කරමින් ඔහු මුදල් ලබාගෙන ජංගම දුරකතන මාසයක් ඇතුලත ලබාදෙන බව කියමින් මෙම වංචාවේ නිරතව සිට ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img