fbpx
තවත්
    මුල් පිටුවspecialචීනයේ සමාජ මාධ්‍යවල කොරෝනා ගැන කතා කළ අයට ගිණුම් අහිමි වෙයි

    චීනයේ සමාජ මාධ්‍යවල කොරෝනා ගැන කතා කළ අයට ගිණුම් අහිමි වෙයි

    චීනය තුල දැඩි කොරෝනා ආසාදිතයින්ගේ රැල්ලක් නිර්මාණය වීම සම්බන්ධයෙන් රජය විවේචනය කළ පුද්ලයින් දහසකට අධික පිරිසකගේ සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට චීන රජය තීරණය කර ඇත.

    ඒ අනුව චීන ජාතිකයින් භාවිතා කරන Sina Weibo සමාජ මාධ්‍ය වෙබ් අඩවිය පැවසුවේ විශේෂඥයින්, විද්වතුන් සහ වෛද්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය මගින් අපහසා වන අන්දමේ සහ තර්ජනය කරන ප්‍රකාශ පළකිරීම් පහරදීම් ඇතුළුව උල්ලංඝනය කිරීම් දොලොස් දහස් අටසිය පනස් හතරක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. එහි ප්‍රතිපළයක් ආමන්ත්‍රණය කර ඇති අතර ගිණුම් එක්දහස් එකසිය විස්සක් සඳහා තාවකාලික හෝ ස්ථිර තහනමක් නිකුත් කර ඇති බවද එම වේබ් අඩවිය සඳහන් කරයි.

    චීන කොමියුනිස්ට පක්ෂය විසින් තමන් පසුගිය කාලය පුරාවට පනවනු ලැබූ සංචරණ සීමාවන් සහ නිරෝධායන නීති සහ මහා පරිමාණ කොරෝනා පරීක්ෂා කිරීම් වෛද්‍ය ප්‍රජාව යොදාගෙන සාධාරණීකරණය කිරීමට කටයුතු කළ බවටද චෝදනා එල්ලවේ.
    කෙසේ වෙතත් මෙම සියලුම නීති රීති එකවර ඉකුත් මාසයේදී අත්හැර දැමීමට චීන රජය පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනය තුල සීඝ්‍රයෙන් කොරෝනා ආසාදියින් ඉහළ ගිය අතර ඊට කොමියුනිස්ට් පක්ෂය නිසි ප්‍රතිචාරයක් මේවන තෙක් නොදක්වා තිබීමද විශේෂත්වයකි.

    මේ අතර Sina Weibo සමාජ මාධ්‍ය වෙබ් අඩවිය පැවසුවේ “සියලු ආකාරයේ නීතිවිරෝධී අන්තර්ගතයන් විමර්ශනය කිරීම සහ එවැනි පළකිරීම ඉවත් කිරීම අඛණ්ඩව සිදුකරන කරන බවයි. බහුතර පරිශීලකයින් සඳහා සුහද සහ මිත්‍රශීලී ප්‍රජා පරිසරයක් නිර්මාණය කිරීමට තමන් කටයුතු කරන බවටද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

    බටහිර මාධ්‍ය වාර්තා පළකරන අන්දමට චීනය තුල මේවන විට පාලනය කරගැනීමට නොහැකි මට්ටමින් කොරෝනා වෛරසය පැතිර යමින් පවතින අතර රෝහල් වල ධාරිතාවයද ඉක්මවා ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.