fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාවේ සටන් විරාමටය යුක්‍රේනය බැහැ කියයි

    රුසියාවේ සටන් විරාමටය යුක්‍රේනය බැහැ කියයි

    රුසියාව විසින් සිය ඕතඩොක්ස් නත්තල් සැමරුම වෙනුවෙන් ප්‍රකාශට පත් කළ පැය 36ක ඒක පාර්ශවීය සටන් විරාමය යුක්‍රේනය ප්‍රතික්ෂේප කර තිබේ.

    ඕතඩොක්ස් පල්ලියේ පියතුමන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කරනු ලැබීය. එම සටන් විරාමයට කිසිඳු කොන්දේසියක් රුසියාව විසින් ප්‍රකාශට පත්කර නොතිබිණි.

    රුසියානු ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබණි, ″ ඕතඩොක්ස් පල්ලිය විසින් කරන ලද ඉල්ලීමට සැලකිල්ලට ගනිමින්, පැය 36 ක කාලය සඳහා යුක්රේනයේ සටන් විරාම තන්ත්‍රයක් පැනවීමට ජනාධිපතිවරයා මෙයින් රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දෙයි”.

    ඒ අනුව මෙම සටන් විරාමය රුසියාව විසින් ඒක පාර්ශවීය සටන් විරාමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට යුක්‍රේනයේ යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටද අපෙක්ෂා කෙරිණි. කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි තමන් දිගින් දිගටම රුසියානු හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධනේ යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාවේ මෙම සටන් විරාමය විශ්වාස කළ නොහැකි බවත් එබැවින් තම හමුදාවන්ට ප්‍රහාරයන් එල්ල කිරීමට අඛණ්ඩව සිදුකරන ලෙසට දැණුම් දී ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.