fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බටහිර රටවල් සිය මගීන් කොරෝනා පරීක්ෂාවට ලක්කළාට චීනයේ නොසතුට

    බටහිර රටවල් සිය මගීන් කොරෝනා පරීක්ෂාවට ලක්කළාට චීනයේ නොසතුට

    චීනයේ සිට පැමිණෙන පිරිස් සඳහා දැඩි කොරෝනා මර්ධන නීති සහ පරීක්ෂා කිරීම් සිදු කිරීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගත් තීරණයට චීනය සිය දැඩි විරෝධය පළකර තිබේ.

    ඒ් අනුව බටහිර රටවල් ගත් මෙම තීරණයට තමන්ද ප්‍රතිචාර දක්වන බවද චීනය අනතුරු අඟවා ඇත. “චීනය ඉලක්ක කර ගනිමින් සමහර රටවල් විසින් අනුගමනය කරන ලද සංචරණ සීමාවන් විද්‍යාත්මක පදනමක් නොමැති ක්‍රියාවන් විදිහටයි අපි දකින්නේ. සමහර අවස්ථාවදී මෙම කොරෝනා පරීක්ෂා කිරීම් සීමාව ඉක්මවා ගොස් තිබෙනවා කියලයි මට හැඟෙන්නේ ඒ් නිසා මෙම පරීක්ෂා අපිට පිළිගත නොහැකියි” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය.

    “දේශපාලන අරමුණු සඳහා කොරෝනා මර්ධන ක්‍රියාමාර්ග යොදා ගැනීමට දරන උත්සාහයට අපි තරයේ විරුද්ධ වන අතර ඒහිදී මෙම පියවර වලට අපි ප්‍රතිචාර දක්වන්නත් පියවර ගන්නවා ,” ඇය පැවසුවාය. කෙසේ වෙතත් චීනය ගත හැකි පියවර මොනවාදැයි ඇය සඳහන් නොකළාය.

    චීනය තුල කොරෝනා ආසිදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ ඇමරිකාව, ජපානය සහ යුරොපා රටවල් රැසක් චීනයෙන් පැමිණෙන මගීන් කොරෝනා පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගෙන තිබිණි.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චීනය සිය නොසතුට පළ කිරීමත් සමඟ ඒ් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිර ප්‍රකාශිකා කරීන් ජීන් පියරේ පැවසුවේ චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට කො‌රෝනා පරීක්ෂාවකට ලක්කිරීම සම්බන්ධයෙන් උරණ වීමට හේතුවක් නොමැති බවයි.
    එහිදී ඇය පෙන්වා දුන්නේ, මහජන ආරක්ෂාව සඳහා විද්‍යාත්මක පදනමක් මත පරීක්ෂා කිරීමට ප්‍රතික්‍රියා දැක්වීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
    .”මෙය අප සියලු දෙනාම, (ඒක්සත් ජනපදය) සහ අනෙකුත් රටවල් කරන්නේ තම රටේ සිටින පුරවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් පමණයි,” ජීන් පියරේ පැවසීය.

    මේ අතර ප්‍රංශ අගමැති එලිසබෙත් බෝර්න් විසින් තම රට චීනයේ සිට පැමිණෙන පිරිස් කොරෝනා පරීක්ෂණයක භාජනය කිරීමේ අරමුණු ආරක්ෂා කළාය. ඒ් අනුව බදාදා සිට, චීනයේ සිට ප්‍රංශය වෙත පියාසර කරන ඕනෑම අයෙකුට පෙර පැය 48 තුළ කොරේනා වෛරසය වැළදී නොමැති බවට සනාථ කරන පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර පැමිණීමේදී අහඹු පරීක්ෂණයකටද භාජනය විය යුතුය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.