තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීස් අවියෙන් විල්පත්තුව රක්ෂිතයේ දඩයමේ ගිය මස්වැද්දෙක් අත්අඩංගුවට

    පොලීස් අවියෙන් විල්පත්තුව රක්ෂිතයේ දඩයමේ ගිය මස්වැද්දෙක් අත්අඩංගුවට

    පොලිසිය සතු ටී 56 අවියකින් විල්පත්තුවේ සතුන් දඩයම් කළ දඩයක්කරුවෙකුව වනජීවී නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙඩි තබා මරා දැමූ වැලි මුවෙකුව වනෝද්‍යානය තුළ තබාගෙන මස් කරමින් සිටියදී මෙම දඩයක්කරුව අත්අඩංගුවට ඇත.

    එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී 56 වර්ගයේ අවියක් සහ පතොරම් 22ක් සහිත පතොරම් ගැබක්ද වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

    ගිනි අවිය තන්තිරිමලේ පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් තමාට ලබාදුන් බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ මෙම ගිනි අවිය තන්තිරිමලේ පොලිස් අවි ගබඩාවට අයත් එකක් බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img