fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්31 රෑ සාදයේ ගුටි කෙළියෙන් ඉන්දියානුවන් 3ක් රෝහලේ

    31 රෑ සාදයේ ගුටි කෙළියෙන් ඉන්දියානුවන් 3ක් රෝහලේ

    වැලිගම පැලෑනේ පිහිටි සංචාරක හෝටලයක නව වසර උදාව සමරමින් පැවති සාදයකදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් හටගත් ගැටුමකින් ඉන්දියානු ජාතිකයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

    මෙම ගැටුම ඊයේ අලුයම් කාලයේදී හටගෙන ඇති අතර තුවාල ලැබූ ඉන්දියානුවන් තිදෙනා මාතර රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    මෙම පහරදීම සම්බන්ධයෙන් පැලෑන විජේකුමාරතුංග මාවතේ පදිංචිකරුවෙක් වැලිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.