තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබලේ ලැබුණු ආදායමයි එන්න තියෙන වියදමයි ගැන අනාවරණයක්

    විදුලිබලේ ලැබුණු ආදායමයි එන්න තියෙන වියදමයි ගැන අනාවරණයක්

    වත්මන් ගාස්තු ව්‍යුහයට අනුව පසුගිය මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ නොවැම්බර් මාසයේ මුළු ආදායම රු. බිලියන 35.6 ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඔක්තෝබර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 33.6 ක ආදායමක් උපයා ඇති බව හෙතෙම කියාසිටී.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව එළඹෙන ජනවාරි මාසයේ දී විදුලිබලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඩීසල්, නැප්තා ඇතුළු ඉන්ධන ආනයනය සඳහා  රු. බිලියන 35 ක් වැයවන බව හෙතෙම අවධාරණය කරයි.

    ජනවාරි මාසයේ ගල් අඟුරු සඳහා වන මුළු ගෙවීම් රු. බිලියන 38.45 ක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img