fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජී.අයි. බට සොරකමකට බෙලිඅත්ත සභාපති රිමාන්ඩ්

    ජී.අයි. බට සොරකමකට බෙලිඅත්ත සභාපති රිමාන්ඩ්

    ප්‍රජා ජල ව්‍යාපෘතියට අයත් ජී.අයි බට 11ක් කෑලි කපා සොරා ගැනීමක් සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා වන පියදාස මුණසිංහව අද (29) බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

    බෙලිඅත්ත අධිකරණයට ඔවුන් දෙදෙනාව ඉදිරිපත් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද බෙලිඅත්ත පොලීසිය සඳහන් කළේය.

    බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් අඩි 19ක් දිගැති ජී.අයි පයිප 11ක් කැබලි වලට කපා කොටස් 22ක් වශයෙන් ලොරි රථයකට හොර රහසේ පටවමින් සිටියදී ඒ ගැන පොලීසියට ලද තොරතුරකට අනුව සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    සොරකම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය. එහිදී ලොරි රථය ගම්වැසියන් විසින් වටකර සිය භාරයට ගෙන තිබුණු බව පොලීසිය කියයි. එහිදී සභාපතිවරයාත් සහෝදරයාත් පලාගොස් සිට ඊයේ පොලීසියට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.