fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඝාතකයෙක් නොමැති ඝාතනයක් බවට පත්වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය

    ඝාතකයෙක් නොමැති ඝාතනයක් බවට පත්වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය

    ජන ශක්ති සමූහයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනය උඩුයටිකුරු වී ඇත.

    දැන් සියළු විමර්ශන සිදුවන්නේ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ඝාතනයක් නොවන ඝාතනයක් ලෙසිණි.

    මෙතෙක් මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සැකයට තුඩුදුන් පුද්ගලයෙකු සිටියේය. ඒ පුද්ගලයාව පමණක් නොව, දැන් දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ඝාතකයෙක් නොමැති ඝාතනයක් බවට පත්ව හමාරය.

    ඒ බව අප දැන්ම කියන්නට යන්නේ නැත. මේ ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තව දවසක් දෙකක් යන විට ඒ ගැන අධිකරණයටම කියනු ඇත.

    දින්ෂේ ඝාෆ්ටර් ගේ ඝාතන විමර්ශන විහිදී ගියේ විවිධ සැක සංකා ඔස්සේය. දැන් අවසානයේදී සිදුව ඇත්තේ ඒ සෑම සැකයක්ම බැහැර කරමින් අලුත් මාවතත් ඔස්සේ විමර්ශන ඉදිරියට යාමය. මෙය සමාජයේ දැඩි ආන්දෝලනයටත් කථාබහටත් පත්වනු නියතය.

    දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වූ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ ප්‍රකාශ මුළුමනින්ම පරස්පර තත්ත්වයකට පත්ව තිබියදී මෙන්ම එම පරස්පර ගැන පුළුල් විමර්ශන යක් පවත්වමින් තිබියදී විමර්ශන අංශක අනූවක්ම ආපසු හැරී වෙනත් මඟක් ගෙන ඇතැයි කියන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය නැන්දම්මාට යැවූ කෙටි පණිවුඩයකි. එහි සඳහන්ව ඇතැයි කියනුයේ සිය බිරිඳ ගැනය. බිරිදගේ හොද ගැනය.

    එදා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින ඔහුගේ හැසිරීමේ වෙනසක් තිබුණු බව බිරිද ටානි ශාමින්ද විමර්ශන කණ්ඩායම් වෙත පවසා තිබුණි.

    මේ අතර රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් ඊයේ දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ මල්පාරේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්කර තිබුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක්ද සමගිනි. එහිදී එම නිවසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිරකර ඔහුගේ ගෙල කොටස රියදුරු අසුනට තද වන්නට ගැටගසා තිබුණු ඇන්ටනා වයරයට සමාන වයරයක් සොයාගෙන තිබුණි. කියැවෙන ආකාරයට අනුව දිනේෂ් ෂාෆ්ටර් ගැටගසා තිබුණු වයරය මෙම වයරයෙන් කැපූ කොටසකි. ඒ විතරක් නොව, නිවසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් ගේ දෑත් ගැටගසා තිබුණු ආකාරයේ කේබල් ටයි කිහිපයක්ද එහිදී සොයාගෙන ඇත.

    දිනේෂි ෂාෆ්ටර් රටවටේටම ණය වී සිටීම, කෝටි ගානක ආයෝජන ඵලක් නොවන වියදම් බවට පමණක් පවත්ව තිබීම , ඔහු පදිංචිව සිටින නිවස විකිණිමට දමා තිබීම ආදී කරුණු රැසක්ද මුලිකර ගෙන ඝාතකයෙක් නොමැති ඝාතනයක් බවට දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය මේ වන විට පරිවර්ථනය වෙමින් ඇත්තේ සිතා ගන්නටත් බැරි ආකාරයටය.

    දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සමාජයේ දැඩි කථාබහකට මෙන්ම දැඩි ප්‍රශ්නකාරී ඝාතනයක් බවට පත්වූවකි. මෙම ඝාතනයේ සැකය මුල් අවස්ථාවේදී කෙලින්ම ක්‍රිකට් විස්තර විචාරකයෙක් වූ බ්‍රයන් තෝමස් වෙත දිගුවිය. අධිකරණය හරහා ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට පියවර ගෙන තිබුණි.

    දිනේෂ් ෂාෆ්ටර් අපරාධයකට ලක්ව සිටි ස්ථානය අසලින් සැකකටයුතු පුද්ගලයෙක් ගමන් කළ බවට සුසාන භූමියේ සුළු සේවකයෙක් දැක ඒ ගැන පොලීසියට ප්‍රකාශයක්ද ලබාදී තිබුණි. ඒ ගැනද පොලිසිය පුළුල්ව විමර්ශනයකට ලක්කර මින් සිටියදී
    මෙසේ අලුත් සාක්ෂි පදනම්කරගෙන දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය උඩුයටිකුරු වන්නේ සමාජයේ බොහෝ කාලයක් යන තුරු මෙම මරණය ගැන කථාබහක් හෙට දිනයේ ඇතිකරවමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.