තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පීඩන අවපාතය රට තුළට ඇවිත් - තවත් මහ වැසි

    පීඩන අවපාතය රට තුළට ඇවිත් – තවත් මහ වැසි

    නිරිතදිග බෙංගාල බොක්කප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළු වී දිවයින හරහා ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

    මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට මිලිමීටර් 75කට වැඩි වැසිත් නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    නිරිතදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ශ්‍රී ලංකා වෙරළ තීරයේ පීඩන අවපාතය බටහිර-නිරිත දෙසට ගමන් කර අද(25) දින පැය 1130 IST ට කේන්ද්‍රගත වු බව ඉන්දියාවේ කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය විසින් එහි පිහිටීම පහත පරිදි දක්වා තිබුණි.

    අද (25)පෙරවරුවේ සිට හෙට(26) පෙරවරු 6.30 දක්වා බලපැවැත්වෙන පරිදි රටපුරා බලපෑ හැකි වර්ෂාපතනය පිළිබඳ මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ කළ අනාවැකිය.

    අද පෙරවරුව වන විට ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ පාසිකුඩා ප්‍රදේශයට ය. එය මිලිමීටර් 132ක් ඉක්මවා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img