fbpx
තවත්
    මුල් පිටුවCOVIDඉන්දියාව තවත් කොරෝනා රැල්ලක් වළක්වන මෙහෙයුමක

    ඉන්දියාව තවත් කොරෝනා රැල්ලක් වළක්වන මෙහෙයුමක

    ඉන්දියාව විසින් එරටට පැමිණෙන ජාත්‍යන්තර මගීන්ව අහඹු ලෙස තෝරාගෙන කොරෝනා වෛරසය වැලඳී ඇත්දැයි සොයා බැලිමේ පරීක්ෂාවකට ලක් කිරිමට තීරණය කරනු ලැබ ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍ය මනුෂ්ක මන්දවියා ප්‍රකාශ කළේය.

    ඒ් අනුව මෙම නව පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ (22) ඉන්දීය පාර්ලිමේන්තුවද දැණුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔහු ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටියේ නව කොරෝනා ප්‍රභේදයන් සඳහා නිරීක්ෂණ වැඩි කරන ලෙසත්, සියලුම කොරෝනා ආසාදනය වීමේ සිද්ධීන්ගේ සාම්පල ජාන අනුක්‍රමික රසායනාගාර වෙත යවන ලෙසත්ය.

    කොරෝනා වෛරසය වැලඳුනු රෝගීන් තියුනු ලෙස පහත වැටීමට පටන් ගැනීමෙන් පසු ඉන්දියාව මේ වසර මුලදී මුහුණ ආවරණ පැළඳීමේ නීති ලිහිල් කළ අතර රජයෙන් නීතිමය වශයෙන් බල කිරීමක් නොකලද සියලුම දෙනා යලිත් මුහුණ ආවරණය පැළඳීම සිදුකිරීමට අවධානය යොමු කළයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, ඉන්දියාවේ දැනට වෛරසය වැලඳුනු රෝගීන් 3,400 ක් පමණ සිටින බවට අනාවරණය වේ.

    ඉන්දියාව විසින් මෙම නව කොරෝනා මර්ධන පියවර ගැනීමට මූලික හේතුව වූයේ චීනයේ පැවති විරල ජනතා විරෝධය මධ්‍යයේ මෙතෙක් අනුගමනය කළ දැඩි කොරෝනා මර්ධන නීති ලිහිල් කිරීමත් සමග චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමයි.

    කෙසේ වෙතත් තත්ත්වය යම් ආකාරයින් අවදානම්කාරී වුවද නව රෝගීන් වාර්තා වී ඇති රටවලින් ගුවන් ගමන් නැවැත්වීමට ඉන්දීය රජයට තවමත් සැලසුමක් නොමැති බව අමාත්‍ය මන්දවියා පැවසීය.

    මේ අතර ඉන්දියාවේ ඉහළම වෛද්‍යවරුන්ගේ ආයතනය වන ඉන්දියානු වෛද්‍ය සංගමය සියලුම පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳ බූස්ටර ඒන්නත ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒහිදී මංගල උත්සව, දේශපාලන හා සමාජීය රැස්වීම් සහ ජාත්‍යන්තර සංචාර වැනි පොදු රැස්වීම්වලින් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    “මේ වන විට තත්ත්වය භයානක නොවන අතර ඒ නිසා කලබල විය යුතු නැත. සුව කිරීමට වඩා වැළැක්වීම හොඳය, ”එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් සිටින ඉන්දියාව, COVID-19 එන්නත් මාත්‍රා බිලියන 2.2 කට වඩා ලබා දී ඇත, නමුත් තුන්වන බූස්ටර මාත්‍රාව ලැබී ඇත්තේ ජනගහනයෙන් 27% කට පමණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.