fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීතලට මැරුණු උතුරු - නැඟෙනහිර සතුන් වෙනුවෙන් වන්දි

    සීතලට මැරුණු උතුරු – නැඟෙනහිර සතුන් වෙනුවෙන් වන්දි

    පසුගිය සතියේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

    අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, මියගිය සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

    උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් මියයාමට හේතුව අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව මේ වනවිට අනාවරණ වී ඇත.

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.