fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් පියවරක් ඉදිරියට

    සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් පියවරක් ඉදිරියට

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (14) රාත්‍රි පැවැති තරගයේ දී දඹුල්ල අයුරා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

    දඹුල්ල කණ්ඩායම ලකුණු 89කට සීමා කිරීමට සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායමට හැකිවීම නිසා මෙම තරගයේ පහසු ජයක් ලබා ගැනීමට ඔවුන්ට හැකිවිය.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේ දඹුල්ල කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 22ක් තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම වෙනුවෙනි.

    සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ චරිත් අසලංක පන්දු තිස් හයක දී නොදැවී ලකුණු 58ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් පන්දු තිස් දෙකක දී ලකුණු 31ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.

    දඹුල්ල අයුරා 89 (13.5)

    සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් – 90/1 (11.3)

    මෙම ජයග්‍රහණය සමඟ සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම තරග පුවරුවේ එක් පියවරක් ඉදිරියට එමින් දැනට තෙවැනි ස්ථානයට පත්ව සිටියි. මේ අතර ඊයේ මෙම තරගයට පෙර පැවැති තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 10කින් පරාජය කිරීමට කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සමත්විය. තරගයේ වීරයා සම්මානය කැන්ඩි කණ්ඩායමේ ෆේබියන් ඇලන්ට හිමිවිය.

    කැන්ඩි ෆැල්කන් 160/8

    ජැෆ්නා කිංග්ස් 150/9

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අද සහ හෙට විවේකී දිනයන් ලෙස ප්‍රකාශ කර ඇති අතර ලබන 17 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නැවත තරගාවලිය ඇරඹෙනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.