fbpx
තවත්
    මුල් පිටුවspecialප්‍රංශය - ආජන්ටිනාව සමඟ අවසන් සටනට සූදානම්

    ප්‍රංශය – ආජන්ටිනාව සමඟ අවසන් සටනට සූදානම්

    මොරොක්කෝව ගෝල 2-0 ලෙස පරාජයට පත් කළ ප්‍රංශ පාපන්දු කණ්ඩායම 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට අද(15) අලුයම සුදුසුකම් ලබා ගත්තේය.

    අවසන් පූර්ව තරගයේ පළමු අර්ධයේ දී ම ගෝලයක් වාර්තා කළ ප්‍රංශය දෙවැනි අර්ධයේ තවත් ගෝලයක් වාර්තාකරමින් තරගය පුරා සිය අනසක පැතිරවීය.

    ඒ අනුව මොරොක්කෝව සහ ක්‍රොයේෂියාව තෙවැනි ස්ථානය තේරීමේ තරගයට ලබන 17 වැනිදා මුහුණ දීමට නියමිත අතර ලබන 18 වැනිදා ලොවක් බලා සිටින ආජන්ටිනා-ප්‍රංශ අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.