fbpx
තවත්
    මුල් පිටුවspecialතෙල් ගන්න ඩොලර් වෙනුවට රත්‍රන්

    තෙල් ගන්න ඩොලර් වෙනුවට රත්‍රන්

    ඇමරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට රත්‍රන් මගින් ගෙවීම් කරමින් ඛණිජ තෙල් මිලදී ගැනීමට ඝානා රාජ්‍ය විිසින් තීරණය කරනු ලැබ තිබේ.

    ඒ අනුව ඉදිරියේදී තමන් සතු ඇමරිකා එක්සත් ජනපද ඩොලර් සංචිත යොදා ගැනීමකින් තොරතව තමන්ට ආනයනය කරනු ලබන ඉන්ධන සදහා ගෙවීම් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන බවත් ඊට අදාල නව ප්‍රතිපත්ත සකස් කිරීම සිදුකරන බවත් ඝානාවේ උප ජනාධිපති මහමුදු බවුමියා බ්‍රහස්පතින්දා ෆේස්බුක් හි සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

    ඝානාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ සිය එක්සත් ජනපද ඩොලර් සංචිත ක්‍රමයේ පහළ යෑමත් සමඟ ඇති වූ අභියෝගාත්මක තත්ත්වයට විසදුමක් ලෙසය. පසුගිය කාලයේදී ඝානාවේ එක්සත් ජනපද ඩොලර් සංචිත ක්‍රමයෙන් පහළ බැසීමක් සිදුවූ අතර එමගින් එරට උද්ධමන තත්ත්වයක්ද නිර්මාණය කිරීමට සමත්විය.

    මෙම උද්ධමන තත්ත්වයක් සමඟ ඝානා ආර්ථිකය තුල දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කළ අතර එමගින් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවිය.

    ඝානාවේ දළ ජාත්‍යන්තර සංචිතය මෙම වසරේ සැප්තැම්බර් අග වන විට ඩොලර් බිලියන 6.6 ක් පමණ වූ අතර එය එරට මාස තුනක ආනයන වියදම් ආවරණය කිරීමට ප්‍රමාණවත්විය. එහෙත් පසුගිය වසර අවසානයේ ඝානාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකාන ඩොලර් බිලියන 9.7 ක පමණ වූ අතර එය පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් පහළ බැසීය.

    ඝානාවේ උප ජනාධිපති පවසා සිටියේ නව ප්‍රතිපත්තිය මගින් මේවන විට බලපෑමක් එල්ල වී ඇති ගෙවුම් ශේෂ තත්ත්වය යහපත් තත්ත්වයකට පත් කරගැනීමට හැකිවනු ඇති බවට තමන් බලාපොරෝත්තු වන බවයි.
    තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට දේශීය විකුණුම්කරුවන්ට තවදුරටත් විදේශ විනිමය අවශ්‍ය නොවන බැවින් රත්‍රන් භාවිතා කිරීමෙන් විනිමය අනුපාතිකය ඉන්ධන හෝ උපයෝගිතා මිලට සෘජුවම බලපානු ඇති බව ඔහු පැහැදිලි කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.