fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ කුරුල්ලන්ගේ අලුත්ම රතු දත්ත ලේඛනය එළිදකී

    ශ්‍රී ලංකාවේ කුරුල්ලන්ගේ අලුත්ම රතු දත්ත ලේඛනය එළිදකී

    ශ්‍රි ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021 එළිදක්වා තිබේ.

    එය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදුකෙරිණ.

    මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ බවද සදහන් කළේය.

    “ රතු ලැයිස්තුව ජිවි විශේෂයක පැවැත්මට අභ්‍යන්තර හා බාහිර සාධක බොහෝමයක් සැලකිල්ලට ගන්නා තක්සේවරුවක් නිසාම ජිවි විශේෂයක සෞඛ්‍ය පිළිබඳ හොඳම දර්ශකවලින් එකකි.ඒ නිසාම රතු ලැයිස්තුව සංරක්ෂණ ක්‍රියාවන් සැළසුම් කිරිමට මෙන්ම ස්වභාවික සම්පත් කලමනාකාරිත්වයේ සඵලතාවය අධික්ෂණය කිරිමේ දර්ශකයක් ලෙසද රතු ලැයිස්තුව පෙන්වා දිය හැකියි. ”

    අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින්,” ශ්‍රි ලංකාව වැනි කුඩා දිවයිනක ජිවත්වන පක්ෂින් වෙනුවෙන් මෙවැනි සංරක්ෂණ ක්‍රියාවක් දියත් කිරිම වට්නා කාර්යක් බවත්,පක්ෂින්ගේ තක්ෂේරු කරන ලද විශේෂ 244න් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවත්,තර්ජනයට ලක් වු හා අවදානම් ,තර්ජනයට ලක් වීමට ආසන්න පක්ෂින් පිළිබඳ ඇතුළත් දත්ත රතු ලැයිස්තුව මගින් ඉදිරිපත් කිරිම වටිනා කාර්යක්” ලෙසත් පැවසීය.

    තව දුරටත් අදහස් දක්වමින් පක්ෂින්ගේ වඳවිමේ තර්ජනයට ලක් වු විශේෂවල ගහනය යථා තත්තවය පත් කිරිම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමටත්, පර්යේෂණ න්‍යාය පත්‍රයක් පිළියෙළ කිරිම,ආදාල ක්ෂේත්‍රවල ක්‍රියාකාරි සැළසුම් ක්‍රියාත්මක කිරිමට ඉදිරියේ දී ක්‍රියා කිරිමට උත්සහ ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.