fbpx
තවත්
    මුල් පිටුවspecialසේවකයෝ සියගණන් Twitter හැරයති - කාර්යාල සියල්ල වැසේ

    සේවකයෝ සියගණන් Twitter හැරයති – කාර්යාල සියල්ල වැසේ

    ලොවපුරා අතිශය ජනප්‍රිය සමාජ ජාලයක් වන Twitter සමාගම ලොව මුල් පෙළේ ධනවතකු වන ඉලෝන් මස්ක් විසින් අත්පත් කරගැනීමත් සමඟ එහි ඉතිරි සේවකයින් සිය ගණනක් සමාගමෙන් ඉල්ලා අස්වෙන බවට විදෙස් වාර්තා පවසයි.

    ට්විටර් සමාගමට අයත් කාර්යාල සියල්ල වසා දමමින් සේවකයන්ට දන්වා ඇත්තේ ලබන සඳුදා යළි කාර්යාල විවෘත වනු ඇති බවයි.

    ඉලෝන් මස්ක් විසින් ට්විටර් සමාගම මිලට ගැනීමෙන් පසුව එහි ඉහළ සිට පහල දක්වා වන සේවකයන් අඩක් පමණ සමාගමෙන් ඉවත් කර තිබුණි.

    එපමණක් නොව නවතම ඊමේල් පණිවුඩයක් මගින් ඉතිරි සේවකයන්ට දන්වා ඇත්තේ සමාගම ගොඩගැනීමට වැඩියෙන් වැඩියෙන් වැඩකරමින් මහන්සි විය යුතු බවයි.

    එමෙන්ම දවසේ වැඩි වේලාවක් වැඩ කළ යුතු බවත් ඊට එකඟ නොවන සේවකයන් මාස 3ක වැටුප් සහිතව ඉවත් විය හැකි බවයි.

    මේ අතර, ට්විටර් හි වත්මන් කැළඹිලි තත්වය අමෙරිකානු රජයේ නියාමකයින්ගේ අවධානයට ලක්ව ඇත’

    එරට ෆෙඩරල් වෙළඳ කොමිසම පසුගිය සතියේ ප්‍රකාශ කළේ “ට්විටර් සමාගමේ මතුවන තත්වයන් ගැඹුරු අවධානයකින් නිරීක්ෂණය කරන” බවයි.

    ට්විටර් සමගම තුළ ඊයේ දිනය අවසන් වීමට පෙර සේවකයින් 2,900 ක් පමණ ඉතිරිව සිටියේය.

    ඉලෝන් මස්ක් ට්විටර් බාරගන්නා විට 7,500-පුද්ගල ශ්‍රම බලකායක් පැවතිණි.

    අනතුරුව එහි අඩක් පමණ අවිධිමත් ලෙස සේවයෙන් ඉවත් කිරීම සිදුවිය.

    ‘මම බොත්තම ඔබන්නේ නැ. හැබැයි ට්විටර් 1.0 මෙතනින් ඉවරයි. මින් පස්සේ ක්‍රියාත්මක වන්නේ ට්විටර් 2.0 යි’ මස්ක්ගේ නවතම දැඩි ප්‍රතිපත්තිය සේවකයන්ට දැන්වීමෙන් පසුව සිදු වූ ඉල්ලා අස්වීම් බහුල විය.

    ඉතිරිව සිටින සහ පිටත්ව යන ට්විටර් සේවකයින් පැවසුවේ මේ සතියේ ඉල්ලා අස්වීමේ පරිමාණය අනුව, ට්විටර් වේදිකාව ඉක්මනින් බිඳ වැටීමට පටන් ගනී යැයි ඔවුන් අපේක්ෂා කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.