fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන ලෝක බැංකුව රජයෙන් අහයි

    ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන ලෝක බැංකුව රජයෙන් අහයි

    ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසමින් ලෝක බැංකු නියෝජිතයන් සමඟ රජය ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මෙහිදී ක්ෂේත්‍ර අටක් පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කෙරිණි.

    බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු කිරීම, බලශක්ති අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා කාබන් විමෝචනය අඩු කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අවම කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික ප්‍රාග්ධනය ක්‍රියාත්මක කිරීම සහ එමඟින් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ තරගකාරිත්වයක් ඇති කිරීම, සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම හා බෙදාහැරීමේ පද්ධති ඉලක්කගත කිරීම යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු ව මෙම කරුණු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළහ.

    ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග , මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු ද මීට එක්ව සිටියහ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.