fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් සංචරණ සීමාවලට චීනය තුළ විරෝධයක් -පොලීසිය එක්කත් ගැටුම්

    කොවිඩ් සංචරණ සීමාවලට චීනය තුළ විරෝධයක් -පොලීසිය එක්කත් ගැටුම්

    දකුණු චීනයේ කාර්මික අගනගරය වන Guangzhou හි පදිංචිකරුවන් පිරිසක් කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට පනවා තිබූ සංචරණ සීමාවලට විරෝධය පලකරමින් චීන පොලීසිය සමඟ දරුණු ගැටුම් ඇතිකරගෙන ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව චීනය අනුගමනය කරනු ලබන කොරෝනා මර්ධන දැඩි සංචරණ සීමා පැනවීම් සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    සමාජ මාධ්‍ය වල සංචරනය වූ විඩියෝවකට අනුව කෝපයට පත් ජනතාව විසින් පොලිසිය විසින් මාර්ග හරස් කර දමා තිබූ බාදය බිද දමින් සහ පොලිස් වාහනය පෙරලා දැමීම සිදුකර සිය විරෝධය පලකර තිබේ. මෙම ගැටුමත් සමගම චීන පොලිසිය විසින් කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් ගැටුම් පැවති ප්‍රදේශයවෙත යොමු කිරීමට පියවරගෙන තිබේ.

    කොරෝනා වසංගතය ආරම්භ වූ කාලයේ පටන් චීනයේ Guangzhou හි දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට චීන රජය පියවරගෙන තිබිණි. එමෙන්ම නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ පවතින හයිෂු දිස්ත්‍රික්කයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

    මෙම ප්‍රදේශය දැඩි දිළිදු බවින් පෙළෙන ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුගේ නිවහන වේ. කොවිඩ් පාලන ක්‍රියාමාර්ග යටතේ ජීවත් වන විට රැකියාවට පැමිණීමට නොහැකි වුවහොත් ඔවුන් හට වැටුප් නොගෙවීමත්, සංචරන සීමා සමගින් නිර්මාණය වී ඇති ආහාර හිඟය සහ උද්ධමනය පිළිබඳව ඔවුන් දිගින් දිගටම පැමිණිලි කර ඇත.

    මෙම සියලු තත්ත්වයන් මත සදුදා දිනයේ රාත්‍රියේදී ජනතාව වීදිවලට බැස සිය විරෝධය පළකිරීමට ආරම්භ කර ඇති අතර එහිදී කොරෝනා වෛරසයෙන් මිදීමට වීශේෂ ආරක්ෂක ඇදුම් පැළද සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් අතර සුළු බහින් බස්වීමක් නිර්මාණය වී ඇති අතර පසුව එය දරුණු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

    මේ අතර ඇතැම් වාර්තා සඳහන් කරන අන්දමට වැඩි මුදලක් උපයා ගැනීමට පීසීආර් පරීක්ෂණ කරනු ලබන සමාගම් ව්‍යාජ ලෙස පරීක්ෂණ වාර්තා ලබාදෙමින් ආසාදිතයින් වර්ධනය කිරීමේ නිරතව සිටින බවටද චෝදනාවක් එල්ල වී තිබේ.

    එමෙන්ම Hebei පළාතේ නිලධාරීන් නිවේදනය කළේ Shijiazhuang නගරය මහා පරිමාණ පීසීආර් පරීක්ෂණ නවත්වන බවයි. එහිදී වෛරසය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට ඉඩ හැරියහොත් කුමක් සිදුවේවිද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පරීක්ෂණාගාර මීයන් ලෙසින් ජනගහනය භාවිතා කරනු ඇතැයි අනුමාන කිරීමට මෙය හේතු විය හැකි බවද ඇතැම් පාර්ශවයන් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.