fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වලානෙන් තණමල්විල ගිහින් අක්කර 5ක ත්‍රෛලෝක විජයපත්‍ර හේන් දෙකක් විනාශ කරයි

    වලානෙන් තණමල්විල ගිහින් අක්කර 5ක ත්‍රෛලෝක විජයපත්‍ර හේන් දෙකක් විනාශ කරයි

    පානදුර, වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ආවේක්ෂන හා බුද්ධි නිලධාරීන් විසින් සති දෙකක පමන කාලයක් තණමල්විල කළ රහසිගත බුද්ධි මෙහෙයුමකින් අනතුරුව තණමල්විල රක්ෂිත ප්‍රදේශයේ සරුවට වගාකර තිබුණු ගංජා හේන් දෙකක් වටලා තිබේ.

    අක්කර 02ක් සහ අක්කර 03ක් වශයෙන් වූ එම ගංජා හේන් දෙකේ සරුවට වැවුණු ගංජා ගස් විශාල ප්‍රමාණයක් තිබී ඇත. එම ගංජා ගස් අඩි 08ක් පමණ උසට වැවී තිබී ඇත. අමතරව ගංජා තවානත්ද හමුවී ඇත. එම තවානේ තිබුණු ගංජා පැල 10,420ක් උදුළු ගා විනාශ කල බව මද්‍යම දූෂණ මර්දන බලකාය සඳහන් කළේය.

    මෙම ගංජා හේන් දෙක වැටලීමේදී එම හේන් දෙක බලා කියා ගනිමින් සිටි දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. ගණනය කර ඇති ආකාරයට මෙම හේන් දෙකේ රුපියල් කෝටි 05ක පමණ වටිනාකමක් ඇති ගංජා ගස් තිබී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න