fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රක්ෂිතයේ මැණික් ගරමින් සිටි පිරිසකට වනජීවියෙන් වෙඩි

    රක්ෂිතයේ මැණික් ගරමින් සිටි පිරිසකට වනජීවියෙන් වෙඩි

    බගවන්තලාව නන්පේරිවත්ත ආසන්නයේ ඇති රක්ෂිත කොටසේ හොර රහසේ මැණික් ගරමින් සිටි පිිරිසකට වනජීවී නිලධාරීන් විසින් ඊයේ කළ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා බගවන්තලාව රෝහලට ඇතුලත්කර ඇත.

    ලොයිනෝන් වතුයායේ පදිංචිකරුවෙක් වන එල්.ධර්මමරාජ් (45) නැමැති අය මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇතැයි බගවන්තලාව පොලීසිය කියයි.

    වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මැණික් ගරමින් සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පළායාමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.