fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොරෝනා රෝගීන් 800ක් එක්ක නෞකාවක් සිඩ්නි ඇවිත්

    කොරෝනා රෝගීන් 800ක් එක්ක නෞකාවක් සිඩ්නි ඇවිත්

    කොරෝ වෛරසය ආසාදනය වූ මගීන් 800ක් රැගත් මගී නෞකාවක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැංගුරම් ලා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මැජෙස්ටික් ප්‍රින්සස් නැමති මෙම මගී නෞකාවේ නිවාඩුවක් ගත කිරීමට එක්වූ මගීන් ගමන් කර ඇති අතර එය නවසීලන්තයේ සිටි ලඟා වී තිබේ.

    මෙම මගී නෞකාව සිය ගමන ආරම්භ කරන විට එහි මගීන් සහ කාර්ය මණ්ඩලය 4600ක් පමණ සිටි අතර බවට නෞකාවේ දත්ත වාර්තා අනාවරණය කරයි. ඒ අනුව මේවන විට අදාල නෞකාවේ ගමන් ගත් සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද බීබීසි පුවත් සේවය සඳහන් කරයි.

    දින 12 ක කාලයක් මගීන් සමඟ නිවාඩුවක් ගත කිරීමට මෙම නෞකාව පසුගියදා ගමන් ආරම්භ කළද ගමන්නේ අඩුක් ගතවීමටත් පෙර නෞකාවෙන් කොරෝනා ආසාදිතයින් ගණන සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව කෲස් ඔපරේටර් කාර්නිවල් ඔස්ට්‍රේලියාවේ සභාපති මාගුරයිට් ෆිට්ස්ජෙරල්ඩ් පැවසීය.

    කෙසේ වෙතත් අසාදිතයින් බහුතරයකගේ තත්ත්වය බරපතල නොවන බවද බොහොමයක් දෙනා තුල රෝග ලක්ෂණ විශාල වශයෙන් පෙන්නුම් නොකරන බවද ඇය පවසා තිබේ.

    ඒ අනුව කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති සියලුම මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් ඔවුන්ගෙන් අනෙක් පිරිසට වෛරසය ආසාදනය වීම වැලැක්වීමට හුදෙකලා කිරීමටත් එහිදී ඔවුන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය සහය සැපයීමටත් කටයුතු කරන බවද ඇය පවසා ඇත.

    මෙම සිදුවීම 2020 වර්ෂයේ මුල් භාගයේදී රෑබි ප්‍රින්සන් නෞකාවේ සිදුවූ කොරෝනා වෛරසය පැතිරයාම සිහිගන්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2020 වර්ෂයේදී රෑබි ප්‍රින්සන් නෞකාවේ ගමන් ගත් 900 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදුනු අතර එහිදී පුද්ගලයින් 28 දෙනෙකුට සිය ජීවිත අහිමිවිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.