fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලෑ පැන්න මත්ලෝලියා බඩගින්නේ මියයයි

    කැලෑ පැන්න මත්ලෝලියා බඩගින්නේ මියයයි

    කන්දකාඩු පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ පසුගිය 06 වෙනිදා ඇතිවුණු නොසන්සුන් තත්ත්වය හමුවේ කඳවුරෙන් පළාගොස් දින කිහිපයක් තිස්සේ රක්ෂිතයේ අතරමන්ව සිටියදී හමුවූ රැදවූවෙකු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත.

    වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ නිරාආහාරව සිහිවිකල්ව සිටියදී යුද හමුදා නිලධාරීන් විසින් මෙම රැදවූවාව සොයාගෙන ඇත්තේ පසුගිය 100 වෙනිදාය.

    කඩුවෙල පදිංචිකරුවෙක් වන 31 හැවරදි මොහොන් කුමාර නැමැති ඔහු පොළොන්නරුව රෝහලට එදිනම ඇතුලත්කර ඇත. මිය ගොස් ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.