fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ කාලේ ඉන්න බුද්ධි අංශ යුද්දෙ කාලේ හිටියනම් වෙන දේ..

    මේ කාලේ ඉන්න බුද්ධි අංශ යුද්දෙ කාලේ හිටියනම් වෙන දේ..

    “මේ කාලයේ සිටින බුද්ධි අංශ යුද්දෙ කාලයේ හිටිය නම් අපිව අල්ලන් ගිහිල්ලා ප්‍රභාකරන් අපට එහේ රැදවුම් නියෝග දීලා” යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පසුගිය 02 වැනිදා පැවැති උද්ඝෝෂණයක් තමන් සංවිධානය කළ බවට බුද්ධි අංශ පෙන්වා දී ඇතැයි තමන්ට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.

    වසන්ත මුදලිගේ හා රැදවුම් භාරයේ සිටින භික්ෂුන් වහන්සේ බරපතල ලෙස අසනීප වී සිටිනවා යැයි කී සරත් ෆොන්සේකා මහතා වැරදීමකින් හෝ ඔවුන්ගේ ජීවිතවලට හානියක් වුවහොත් අනිවාර්යෙන්ම ත්‍රස්ත විමර්ශන අංශයයි පොලිසියයි මේ රටේ ජනතාව පොළවට සමතලා කරයි යැයි පැවසීය.

    ඒ විතරක් නෙමෙයි මේකේ ඉන්න මැති ඇමතිවරුන්ටත් දැන්ම තියලා රක්ෂණයක් අරගෙන ඉන්න වෙනවා යැයි ද අපටත් යන එන මං නැතිවේවි යැයි ද කීවේය.

    ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩ කරනතාක් මේ රජයට උදව් කරන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී සරත් ෆොන්සේකා මහතා, විදෙස්ගත ලාංකිකයන්ගෙන් ද මේ රටට ඩොලර් එකක්වත් එවන්න එපා යැයි ඉල්ලා සිටින බව කීවේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.