fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාසියේ වාසිය එංගලන්තයට

    කාසියේ වාසිය එංගලන්තයට

    විස්සයි 20 ලෝක කුසලානය යටතේ ඉන්දියාව සමඟ ඇඩිලේඩ් හි පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරාගත්තේය.

    ඒ අනුව ඉන්දීය කණ්ඩායම දැනට පන්දුවට පහරදීම ආරම්භ කර ඇති අතර පන්දුවාර දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටියි.

    පන්දු පහකට මුහුණ දුන් කේ.එල් රාහුල් ලකුණු 5කට දවා ගැනීමට වෝකීස් සමත් විය. දැනට පිටියේ පන්දුවට පහර දෙමින් සිටිනුයේ නායක රෝහිත් ෂර්මා සමඟ හිටපු නායක විරාත් කෝලි යි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.