fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝට්ටුවෙන් ගිහින් මුහුදේ අතරමංව බේරාගත් ලාංකිකයන්ට වෙච්ච දේ..

    බෝට්ටුවෙන් ගිහින් මුහුදේ අතරමංව බේරාගත් ලාංකිකයන්ට වෙච්ච දේ..

    වියට්නාමය සහ පිලිපීනය අතර මහ මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව පාවෙමින් තිබියදී බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 300කට අධික පිරිස රැගත් යාත්‍රාවේ ගමන් කළ අය වියට්නාමයේ වුන්ග්ටාවු පළාතට ආසන්න ස්ථානයක රඳවා තිබේ.

    එරට වාර්තා පවසන්නේ මියන්මාරයේ ධජය සහිත Lady 3 ධීවර යාත්‍රාව වියට්නාමයේ දකුණු වෙරළ තීරයේ වුන්ග් ටාවු සිට නාවික සැතපුම් 250 ක් පමණ දුරින් අර්බුදයකට මුහුණ දෙමින් තිබියදී වියට්නාම වෙරළාරක්ෂක බළකා යාත්‍රාවකින් ගලවාගෙන තිබුණි.

    වියට්නාමයේ සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ බෝට්ටුව නාවික සැතපුම් 6,000 ක් පමණ ඔබ්බෙන් කැනඩාව දෙසට ගමන් කිරීමට උත්සහ කර ඇතැයි සිතන බවයි.

    “නැවෙහි කාර්මික දෝෂයක් ඇතිවෙලා. එයින් අදහස් වන්නේ එන්ජින් කාමරයට ජලය ගලා ගිය ගිහින්. ඒක වෙලා තියෙන්නේ නොවැම්බර් 5. එදා සිට එය නිවැරදි කළ නොහැකි වෙලා” යනුවෙන් එම නිලධාරීන් පවසා ඇත.

    සඳුදා කපිතාන්වරයා උදව් ඉල්ලා සිටීමෙන් පසු වියට්නාම බලධාරීන් ශ්‍රී ලාංකිකයන් බේරා ගන්නා ලෙස අසල යාත්‍රා කරමින් සිටි ජපන් ධජය සහිත නෞකාවකින් ඉල්ලා සිටියේය.

    යාත්‍රාව පාවෙමින් තිබූ අතර, බියවූ පුද්ගලයන් රැසක් එහි තට්ටුවේ රැස්ව සිටි බව ගලවා ගැනීමේ මධ්‍යස්ථානය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.