fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාවට ආයුධ දුන් බවට වන චෝදනා උ.කොරියාව ප්‍රතික්ෂේප කරයි

    රුසියාවට ආයුධ දුන් බවට වන චෝදනා උ.කොරියාව ප්‍රතික්ෂේප කරයි

    යුක්රේනයේ පවතින යුද්ධයේ දී රුසියාවට උපකාර කිරීම සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට ආයුධ සපයන බවට එක්සත් ජනපදය කරන චෝදනා උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින්, උතුරු කොරියාවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා විදේශ කටයුතු පිළිබඳ උප අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ අමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව කටකතා පතුරුවන බබයි.

    "මෑතකදී, අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව සහ රුසියාව අතර ‘ආයුධ ගනුදෙනු පිළිබඳ කටකතාවක්’ නොනවත්වාම පතුරුවා හරිමින් සිටියි. එක්සත් ජනපදය එවැනි පියවරයන් කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවට එරෙහිව ගනු ලබන්නේ UNSC හි නීති විරෝධී ‘සම්බාධක යෝජනාව’ ක්‍රියාවට නැංවීම ඔස්සේ ජාත්‍යන්තර තලයේ කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ ප්‍රතිරූපය කෙළසීමට යැයි හෙතම සඳහන් කර ඇත.

    රුසියාව සමඟ කිසිදු ආයුධ ගනුදෙනුවක් කර නොමැති බවත් අනාගතයේදී එසේ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවත් අදාළ නිවේදනයෙන් හෙතම පෙන්වා දී තිබේ.

    යුක්රේනයට එරෙහි යුද්ධයේදී උතුරු කොරියාව රහසිගතව රුසියාවට කාලතුවක්කු උණ්ඩ සපයන බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.