තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොර පාරෙන් ඉන්දියාවේ ඉදන් ගෙන ආ බීඩි කොල කිලෝ 774ක් එක්ක අධිශීතකරණ...

    හොර පාරෙන් ඉන්දියාවේ ඉදන් ගෙන ආ බීඩි කොල කිලෝ 774ක් එක්ක අධිශීතකරණ ලොරිය පොලිස් භාරයට

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන පැමිණි බීඩි කොළ කිලෝ 774ක් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රවාහන කරමින් තිබූ අධි ශීතකරන ලොරියක් අද අලුයම නොරොච්චෝලේ වේලකන්නි මාර්ගයේ පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

    පොලීසිය විසින් මෙම වැටලීම කරන අවස්ථාවේදී ලොරි රථය අතහැර රියදුරු සහ රිය සහයක පළාගොස් ඇත.

    නොරොච්චෝලේ මාම්පුරිය වෙරළ තීරයේදී මෙම බීඩි කොළ තොගය ලොරි රථයට පටවමින් තිබියදී ඒ ගැන නොරොච්චෝලේ පොලීසියට තොරතුර ලැබී ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් පොලිස් ජිප් රථයේ නැගී ඒ දෙසට ගමන් කිරීමේදී ලොරි රථය වේලකන්නි ප්‍රදේශයේ අතුරුමාර්ගයක් ඔස්සේ ගමන් කර ලොරි රථය අතහැර දමා එහි සිටි රියදුරු සහ රිය සහයක පළා ගිය බව පොලීසිය සඳහන් කළේය.

    ලොරි රථය පරීක්ෂා කිරීමේදී කාඩ්බෝඩ් පෙට්ටි 23ක බහා තිබුණු සහ කළු පැහැදි උරවල 09ක ඔතා තිබුණු බීඩි නිෂ්පාදනයට යොදා ගන්නා බීඩි කොළ කිලෝ 774ක් හමුවූ බව පොලීසිය සඳහන් කළේය.

    පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් ලොරි රථය පොලිස් භාරයට ගත් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img