තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජානකී රිමාණ්ඩ්

    ජානකී රිමාණ්ඩ්

    තිලිණි ප්‍රියමාලි විසින් කළ මහා පරිමාණ මූල්‍ය වංචාවට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඇයව අද අලුත් කඩේ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් ඇයව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගකර ඇත.

    ඉන්දියානු මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක මෙරට විධායක නිලධාරිනියක් වන ජානකී සිරිවර්ධන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img