fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වට්ස් ඇප් ඔස්සේ නිරුවත පෙන්වමින් පේරාණිය සරසවි සිසුවාට අමුතු නවක වදයක්...

    වට්ස් ඇප් ඔස්සේ නිරුවත පෙන්වමින් පේරාණිය සරසවි සිසුවාට අමුතු නවක වදයක් දීල

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරුකරමින් නවක වදයට සම්බන්ධ කටයුතු කරන බව සඳහන් කරමින් එම සිසුවා විශ්ව විද්‍යාල වෙබ් අඩවියට පැමිණිලි කර ඇති බව සඳහන් කරමින් විශ්ව විද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා පේරාදෙණිය පොලීසියට ඊයේ පැමිණිල්ලක් කර තිබේ.

    අදාල සිසුවා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිට අධ්‍යාපනය ලබන අතර වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් තමන්ට නවක වදයට සම්බන්ධ ක්‍රියාවන් සිදුකළ බවට අදාල පැමිණිල්ල මඟින් සිසුවා විශ්ව විද්‍යාලයීය පැමිණිලි කිරීමේ වෙබ් අඩවිය වෙත මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැමිණිලිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    එයට සම්බන්ධ හඬ පට හා වීඩියෝ පට ද විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ විනය පාලන ආචාර්යවරයෙකුට භාරදී ඇති බවත් ඒවාද පොලීසියට ඉදිරිපත්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳන් කරයි.

    මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්හනයක් පැවැත්වෙන බව පේරාදෙණිය පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.