fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සිසුවියන් 06ක් එක්ක අමුතු සෙල්ලමක් කළ ක්‍රීඩා උපදේශක දැලේ

    සිසුවියන් 06ක් එක්ක අමුතු සෙල්ලමක් කළ ක්‍රීඩා උපදේශක දැලේ

    සිසුවියන් 06 දෙනෙකුට ලිංගික අපයෝජනයක් කලායැයි කියනු ලබන කැකිරාවේ ප්‍රධාන පෙලේ පාසලක ක්‍රීඩා උපදේශකවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ඔහු පොලීසියට ඊයේ පැමිණ භාරවීමෙන් අනතුරුවය.

    මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරක් ලැබෙන්නේ පසුගිය 01 වෙනිදාය. ඒ අනුව කළ විමර්ශනයේදී එම ක්‍රීඩා උපදේශක අතින් අතවරයට ලක්වූ බව කියන සිසුවියන් 06 දෙනෙකු හදුනා ගැැනීමට පොලීසිය සමත්ව ඇත.

    එම සිසුවියන් අවුරුදු 14ත් 16ත් අතර වයස්වල පසුවන්නන්ය. එම සිසුවියන්ගේ ප්‍රකාශද පොලීසිය සටහන්කරගෙන තිබේ.

    මෙසේ ක්‍රිඩා උපදේශකගෙන් අතවරයට ලක්වූ සිසුවියන් තවත් සිසුවියන් පිරිසකට මේ ගැන පවසා ඇති බවත් එම සිසුන් වැඩිහිටියන්ට ඒ ගැන පැවසීමත් නිසා පොලීසියට මේ ගැන තොරතුරු ලැබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම ක්‍රීඩා උපදේශකවරයා වසර 05ක පමණ කාලයක් තිස්සේ අදාල පාසලේ සේවයේ නිරතව සිටින බව විමර්ශන වලදී පොලීසියට පෙනී ගොස් ඇත. දැනට හදුනාගෙන සිටින සිසුවියන් පොලීසියට පවසා ඇති ආකාරයට අනුව මෙම ක්‍රීඩා උපදේශකවරයාගෙන් ඒ අය අතවරයට ලක්ව තිබෙන්නේ වසර 02ක පමණ කාලයක සිටය.

    තවත් සිසුන් මෙසේ ක්‍රීඩා උපදේශකගෙන් අතවරයට ලක්ව තිබේදැයි සොයා විමර්ශන පවත්වන බවද පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.