fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇෆ්ගනිස්ථානයෙන් ප්‍රභල ආරම්භයක්

    ඇෆ්ගනිස්ථානයෙන් ප්‍රභල ආරම්භයක්

    විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (01) පැවැත්වෙන තරගයේ ප්‍රභල ආරම්භයක් ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු පන්දුවාර හයක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42ක් ලබාගත්තේය.

    හත්වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම ළහිරු කුමාර රහමුල්ලා ගුරුබාස් දවාගැනීමට සමත්විය. කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ගුරුබාස් දැවී යනවිට පන්දු විසිහතරක දී ලකුණු 28ක් ලබා සිටියේය.

    උස්මන් ගහානි සමඟ ඊබ්‍රහිම් සඩාන් මේ වනවිට පන්දුවට පහර දෙති. පන්දුවාර හතක් අවසානයේ ඇෆ්ගනිස්ථානය 47/1 (7)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.